මහින්ද්‍රා අයිඩියල් ඩ්‍රාෆ්ට්, විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් සකස් කළ මූල්‍ය විසඳුම් රැසක සුවිශේෂී සංකලනයක් පිරිනමයි. පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ තාක්ෂණික දියුණුව කෙරෙහි අවධානය යොමු කරමින්, මහින්ද්‍රා අයිඩියල් ඩ්‍රාෆ්ට් මූල්‍ය ක්ෂේත්රය තුළ නව ප්රමිතීන් ස්ථාපිත කරයි. කෙටි කාලීන අරමුදල් හෝ ණය ඉක්මනින් ලබාගැනීමට අවශ්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන්ම මෙම නිෂ්පාදනය විශේෂයෙන් සකස් කර ඇත.
අයිඩියල් ඩ්‍රාෆ්ට් පහසුකම මඟින් ඔබගේම වාහනය ඇපයට තබා මුදල් ලබාගැනීමට හෝ නව වාහනයක් මිලදී ගැනීමට මුදල් ලබාගැනීමට හැකියාව සලසයි:
- ඔබ ගෙවිය යුත්තේ සෑම මාසයකම අවසානයේදී පොලිය පමණි.
- කල් පිරීමේදී මූලික මුදල ගෙවනු ලැබේ.
- ආපසු ගෙවීමේ කාලසීමාව තුළ මූලික ණය මුදලින් කොටසක් ගෙවා පියවීමේ හැකියාව.
- ආපසු ගෙවීමේ කාලසීමාව මාස 12 සිට 24 දක්වා වේ.
- ඉක්මන් අනුමැතිය
- කල්බදු වාරික දිවයින පුරා පිහිටි ලංකා බැංකුවේ හෝ කොමර්ෂල් බැංකුවේ ඕනෑම ශාඛාවක් හරහා හෝ ATM යන්ත්‍ර මඟින් ගෙවිය හැකිය.
