කෘෂිකාර් මික ලීසිං

MIFL විසින් ගොවීන්ට සහ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට නව කෘෂිකාර්මික වාහන සහ උපකරණ පහසුවෙන් ලබාගැනීමට සහාය වීම සඳහා විශේෂ කෘෂිකාර්මික ලීසිං පැකේජයක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තය ඉටු කරන වැදගත් කාර්යභාරය හඳුනාගනිමින්, විවිධ ප්‍රතිලාභ රැසක් සමඟින් කරදරයකින් තොර මූල්‍ය පහසුකමක් සැලසීමේ අරමුණින් මෙම පැකේජය සකස් කර ඇත.

 

අවම ලේඛන අවශ්‍යතා සමඟින් අඩු පොලී අනුපාත, නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප සහ කඩිනම් අනුමැතිය ලබාගැනීමේ ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට භුක්ති විඳිය හැකිය. සරල කළ අයදුම් කිරීමේ ක්‍රියාවලියක් සහ අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය සහායක් සමඟින්, MIFL හි කෘෂිකාර්මික ලීසිං පැකේජය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන් සඳහා ආකර්ෂණීය විසඳුමක් ලෙස කැපී පෙනේ. එමඟින් ඔවුන්ට තම ව්‍යාපාර පහසුවෙන් වර්ධනය කරගැනීමට සහාය ලැබේ.

මාර්ගගතව අයදුම් කරන්න

    පුද්ගලික තොරතුරු





    සම්බන්ධතා විස්තර





    දැන්ම
    විමසන්න